වාමවාදි දේප්‍රේමී, ජාතිවාදි පක්ෂ සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත්, එම සාකච්ඡා යම් ඵලදායි ගුණාතමක අයුරින් ඉදිරියට ගමන් කර තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා පැවසීය.
මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වැඩසටහන්, සැලසුම් කරගෙන, සක්‍රියව ක්‍රියාත්මක කරගෙන යන බවත්, පක්ෂය තුළ අනුබද්ධ සංවිධාන ගොඩනැගිනීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙන බව කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් විසින් දිස්ත්‍රික් මටට්මේ රැස්වීම්, සහහෝදර දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබෙනවා, මේ මාසයේ සිට ආසන මට්ටමේ රැස්වීම් හා ප්රචාරක කටයුතු ආරම්භ කරන බවත් හෙතෙම කීය.
අධිකරණමය කාරණා එලෙසින් සිදුවන බවත්, එතෙක් අනෙකුත් දේශපාලන පක්ෂ විසින් කටයුතු කරන අයුරින්, තම පක්ෂය ද දේශපාලන කටයුතු ද සිදු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.